Lankaputhra Development Bank

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සුරුවිරු ස්ථාවර තැන්පතු අවදානමෙන් තොර ආයෝජන අවස්ථාවක් ලබා දෙයි. කාලය අනුව සිදු කරන ස්ථීර තැන්පතු මඟින් ආයෝජිත මුදලට ඉහළම පොලියක් ලබාදෙයි.

සුරුවිරු ස්ථාවර තැන්පතු මාස 3, 6 සහ 12 සඳහා විවෘත කළ හැක. ඒ සඳහා පොලිය වාර්ෂිකව හෝ මාසිකව ඹබගේ ඉල්ලීම පරිදි ඹබගේ ගිණුමට බැර කළ හැක.

ප්‍රතිලාභ

  • ඉහළ පොලී අනුපාතය
  • මාසිකව ‍හෝ කල්පිරුන විට පොලිය ගෙවීම
  • තැන්පත්කරු මිය ගියහොත් ගිණුමෙහි ශේෂය ඔහු විසින් නම් කරන ලද කෙනෙකුට ගෙවීම සඳහා පහසුකම්.
  • අවුරුදු 18ට අඩු අය සඳහා ස්ථාවර තැන්පතු මව්පියන්ට / භාරකරුවන්ට ආරම්භ කළ හැකි වීම.
  • මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී ස්ථාවර තැන්පතුව ඇපයක් හැටියට තැබිය හැකි වීම.
  • තැන්පතුවෙන් 90%ක් ක්ෂණික ණයක් වශයෙන් ලබාගත හැකි වීම.

කවුරුන් සඳහා ද?

අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා

ආරම්භක තැන්පතුව

ආරම්භක තැන්පතුව ශ්‍රී ලංකා රුපියල් 10,000කි.

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමණුම බලන්න

*කොන්දේසි සහිතයි