Lankaputhra Development Bank

කෘෂිකර්මය, පශුසම්පත්, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ද, දිවයින තුළ ආපදාවලට පාත්‍ර වූ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සඳහා ද ණය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෞභාග්‍යා ණය‍ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.

ණය ලැබීමට සුදුසුකම් ඇති ව්‍යාපෘති

  1. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන්
  2. ආපදාවලට පාත්‍ර වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන්
  3. කෘෂිකර්ම සහ පශු සම්පත් ව්‍යාපෘති ඇතුළු වෙනත් ආදායම් ජනනය කරන ක්‍රියාකාරකම්

ආපසු ගෙවීමේ කාලය

ව්‍යාපෘතියේ ස්වභාවය අනුව උපරිම වශයෙන් අවුරුදු 5ක කාලයක්

ණය ප්‍රමාණය

උපරිම ණය ප්‍රමාණය රුපියල් මිලියන 20කි.

ඇප

ව්‍යාපාරයේ පවත්නා අවදානම් තත්ත්වය සලකා බලා ඇපයෙහි ස්වභාවය බැංකුව විසින් තීරණය කරනු ඇත.

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න