Lankaputhra Development Bank

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දී ඇති, මෙම ණය යෝජනා ක්‍රමය මධ්‍යම සහ මහා පරිමාණයේ කිරි නිෂ්පාදනය සංවර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ කොට ඇත. මේ මඟින් පහත සඳහන් අරමුණු සපුරා ගනී.

  • කිරි ගව පාලනය, කිරි නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන වානිජ තලයට ගෙන ඒම
  • වතු සමාගම් සතුව ඇති පාවිච්චියට නොගන්නා, ඉඩම් වල කිරි ගව පාලනය දිරි ගැන්වීම.
  • කිරි ගොවීන්, කිරි සමිති, ගෘහාශ්‍රිත කිරි නිෂ්පාදකයින් දිරිමත් කොට, ඔවුන්ගේ සැපයුම් ක්‍රියාවලිය දිරිමත් කිරීම.

සුදුසු ව්‍යාපෘති.

  • ගවයින් මිලදී ගැනීම
  • ගව ගාල් ඉදි කිරීම (ජල සම්පාදන ක්‍රම වතුර ඉසීම නළ මාර්ග ඉදි කිරීම)
  • තණබිම් වගාව
  • නව ගොවිපළ ඉදි කිරීම
  • ගොවිපළ සංවර්ධනය
  • ජීව වායු ඉදි කිරීම
  • පවත්නා ගවගාල් පුළුල් කිරීම
  • කිරි ආශ්‍රිත නිෂ්පාදන/කිරි සැකසීම
  • යන්ත්‍ර මිලදී ගැනීම, ට්‍රැක්ටර්, වතුර මෝටර්, විදුලි ජනක, කිරි වෙන් කිරීමේ උපකරණ, කිරි දොවන උපකරණ සහ තණකොළ කැපීමට අදාල යන්ත්‍ර මිලදී ගැනීම
  • කිරි පට්ටි සංවර්ධනය, දියර කිරි පාලනය ප්‍රචලිත කිරීම ආශ්‍රිත නව නිපැයුම් සඳහා
  • පශු වෛද්‍ය/පශු සම්පත් නිලධාරී අනුමත කරන කිරිගව පාලනයෙන් ගුණත්වය වර්ධනය කිරීමට අදාල නව නිපැයුම්

නැවත ගෙවීමේ කාලය

මාස 06ක සහන කාලයක්ද සහිතව, උපරිම ගෙවීමේ කාලය වසර 05කි.

ණය මුදල

උපරිම ණය මුදල රුපියල් මිලියන 20කි

ඇප සුරැකුම්

ව්‍යාපෘතියේ පවත්නා අවදානම සලකා බලා ලබාගන්නා ඇප සුරැකුම් තීරණය කරේ

පොලිය

මෙහි ඇති අමුණුම බලන්න