Lankaputhra Development Bank

මුල් පිටුව සේවාවන් ණය අත්තිකාරම් ජයදිරි ණය යෝජනා ක්‍රමය

මූල්‍ය පහසුකම් ලබා ගැනීම අපහසු වූ ප්‍රාග්ධනය අවශ්‍ය නව ව්‍යාපාරිකයන් සහ නවෝත්පාදකයන්ට ව්‍යාපෘති ශක්‍යතාව මත ණය පහසුකම් ලබා දීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර ඇත. මූල්‍ය පහසුකම් සහ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ මඟපෙන්වීම යටතේ නව ව්‍යවසායකයන් ගොඩනැගීම සහ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාකයන්, ඊලග පියවර දක්වා දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ණය ලබා ගැනීමට ඇති සුදුසුකම්

  • අනුග්‍රාහකයන් වයස අවුරුදු 18 - 35 අත්ර ශ්‍රී ලාංකිකයන්ට මේ යටතේ ණය පහසුකම් ලබා ගත හැක.
  • ව්‍යාපාර කටයුතු සඳහා පෙර ලබාගත් රු. 250,000/- ට වැඩි බැංකු ණය නොතිබිය යුතු ය.
  • ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවට පිළිගත හැකි ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපෘතියක් තිබිය යුතු ය.
  • රුපියල් මිලියන එකකට (01) අඩු ප්‍රමාණයකින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති විය යුතු ය. වැඩි වන මුදල් තමන් විසින් දැරීමේ හැකියාව පැවතිය යුතුය.
  • මූල්‍ය ආයතන වලින් මුදල් ලබා ගෙන ඒවා පැහැර හැරිය කෙනෙකු නොවිය යුතුය.
  • ව්‍යාපෘති පිරිවැයෙන් අවම වශ‍ෙයන් 20% ක‍ට වත් හිමිකම් දැක්විය යුතු ය. (නිශ්චල/චංචල). ව්‍යාපෘතියට විශේෂිතව යොදා ගන්නේ නම් ඉඩම් හා ගොඩනැගිලි ද සලකා බලනු ඇත.
  • ව්‍යාපෘතියෙහි පූර්ණ කාලීන ව නිරත විය හැකි බව පෙන්නුම් කිරීම සහ ව්‍යවසායකයෙකු ලෙස වර්ධනය වීමට කැමැත්තක් පැවතිය යුතු ය.

ණය ප්‍රමාණය

රුපියල් 500,000/- සිට රුපියල් 1,000,000/- දක්වා

ඇප සුරැකුම්

ව්‍යාපෘති ශාක්‍යතාවය සහ වෙනත් අවශ්‍යතා පදනම් කොට ගෙන සාම්ප්‍රදායික ඇපවලින් බැහැරව මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක වේ.

ආපසු ගෙවීම

උපරිම වශයෙන් අවුරුදු 6යි (සහන කාල සීමාව වන අවුරුදු එක (01) ඇතුළත්ව)

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න