Lankaputhra Development Bank

මුල් පිටුව ගනුදෙනුකරුවන්ගේ අදහස්

ගනුදෙනුකරුවන් පලකරන අදහස්

කෘෂිකර්මය

ආර්.ඩී.සී. වීරක්කොඩි මහත්මිය අන්නාසි වගාවෙන් සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යයි. මේ සඳහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ පොලොන්නරුව ශාඛාව මූල්‍ය පහසුකම් ලබා දී ඇති අතර සාර්ථක ව්‍යාපෘතියන් ඒ මඟින් ක්‍රියාත්මක වේ. බැංකුවේ නිළධාරීන් මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ උපදෙස්ද ඇයගේ ව්‍යාපෘතිය සාර්ථක වීම සඳහා නිරන්තරයෙන්ම ලැබෙන බැව් ඇය පවසයි.

අඛණ්ඩව ඇයට ලබාදෙන සහාය ගැන වීරක්කොඩි මහත්මිය බැංකුවට සහ බැංකු නිලධාරීන්ට බෙහෙවින් කෘතඥ වේ.

 

ගනුදෙනුකරුවන්ගේ පැසසුම් - ගොවි නවෝදය

ගොවි නවෝදය ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය මහනුවර ශාඛාව විසින් මෙම ණය යෝජනා ක්‍රමය හදුන්වා දී ඇත. මේ සඳහා සීමා සහිත නුවර-එලිය කෘෂිකර්ම සමූපකාර සමිතිය විසින් සහ නුවර-එලිය දිස්ත්‍රික් වාණිජ සංගමයෙන්ද සහයෝගය ලැබී ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ගොවීන් 100 දෙනෙකුට අදික පිරිසක් ණය ලබාගෙන ඇති අතර මෙම ණය යෝජනා ක්‍රමය මගින් ලබා දෙන පස් කපන යන්ත්‍රය ප්‍රදේශයේ ශ්‍රම හිඟයට කදිම ආදේශනයක් බව එස්. වාසුදේවන් මහතාගේ අදහසයි.

ගොවි නවෝදය ණය යෝජනා ක්‍රමය යටතේ දිස්ත්‍රික්කයේ ගොවීන් 500 දෙනෙකු පමණ මූල්‍ය පසහුකම් ලබාදීමට යෝජිතය.

 

කිරි පට්ටි පාලනය

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ හම්බන්තොට ශාඛාව ප්‍රදේශයේ කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම් සැපයීමෙහි ලා පෙරමුණ ගෙන සිටී. මෙම ගනුදෙනු කරුවන් අතර අඟුනකොලපැලැස්සේ ඒ.ඩබ්. ලීලසේන පහළගම මහතා අවුරුදු 20ක පළපුරුද්දක් ඇති කිරි ගොවියෙකි. ගවයන් 30ක ගවපට්ටියක් හිමි ඔහුගේ පියාගෙන් ලද ආභාෂය ද ඔහු සතු ය.

ලීලසේන මහතා කුඩා පරිමාණයෙන් තම කිරි පට්ටි ගොවිපල අරඹා, අපගේ මූල්‍ය සහාය ඇතිව දෙමුහුන් ගවයන් සහිත ගවයන් 100 කින් යුත් නව පට්ටියක් දක්වා තම ගොවිපල දියුණු කළේ ය. ඔහු මේ සම්බන්ධයෙන් අපගේ බැංකුවට කෘතඥ වෙයි. ඔහු තම පවුලේ සාමාජිකයන්ගේ සහාය ඇතිව සාර්ථක ව්‍යාපාරයක් මෙහෙයව යි. ඔහු මසකට කිරි ලීටර් 1,800 පමණ නිෂ්පාදනය කරමින් මී කිරි නිෂ්පාදනය කොට වෙළෙඳ ‍පොළට මී කිරි සපය යි.

 

ක්ෂුද්‍ර ව්‍යවසාය සඳහා මුදල් යෙදවීම - කෑගල්ල ශාඛාව

එන්.ඒ.ඒ. වසන්ත කුමාර මහතා සතු ඔහු විසින් ම කළමනාකරණය කරන "මැක් රෝ ප්ලාස්ටික්" නමින් හැඳින්වෙන පොලිතීන් ප්‍රතිචක්‍රීයකරන ව්‍යාපෘතියට ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ කෑගල්ල ශාඛාව මූල්‍ය පහසුකම් ලබාදෙන ලදී. ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් ලබාගෙන මිලට ගත් නව යන්ත්‍ර යෙදවීමෙන් පසු අමු ද්‍රව්‍ය‍යක් ලෙස අපතේ යන ප්ලාස්ටික් යොදා ප්ලාස්ටික් ආශ්‍රිත භාණ්ඩ නිපදවන ප්‍රමාණය වැඩි කර ඇත. මෙම ව්‍යාපෘතිය අ‍ට දෙනෙකුට රැකියා අවස්ථා ලබා දී ඇති අතර, පරිසර හිතකාමී ක්‍රියාදාමයකට සහාය වී, ආදායම ද වැඩිකර ඇත. ඔහු ඉතා අඩු ප්‍රාග්ධනයකින් 2006 වසරේ දී නිෂ්පාදනය අරඹා ඇත. මෙම කර්මාන්තය 2011 වන විට ස්ථාවර මට්ටමට පත් වී තිබේ.

 

සංචාරක

වයඹ කලාපයේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණ ගනුදෙනු කරුවන්ට මූල්‍ය පහසුකම් සැපයීමෙහි ලා ඉදිරියෙන් සිටින ආයතන අතර අපගේ වෙන්නප්පුව ශාඛාව ද ඇතුළත් ය. කොරල් සහ ඩොල්පින් නැරඹීම වැනි සංචාරක අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමට කැමති උද්යෝගිමත් ව්‍යවසායකයෙකු වන ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ආරම්භ කළ නව ව්‍යාපාරයක් වන "හලාවත සිටි හෝටලය" සඳහා මූල්‍ය පහසුකම් අප බැංකුව විසින් සපයන ලදී.

මීගමුව සිට පුත්තලම දක්වා විහිදි දර්ශනීය වෙරළෙහි ස්වභාවික සෞන්දර්යය විඳ ගැනීමට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන් අතර මෙම නව ‍හෝටලය ජනප්‍රිය වී ඇත. රසවත් ආහාර, බෝට්ටු සවාරි, විනෝදාස්වාදය, ගනුදෙනුකරුවන්ට දක්වන සැලකිලි සහ වෙනත් ආකර්ශනයන් සම්බන්ධයෙන් "හලාවත සිටි හෝටලය" නම් දරා ඇත. තව ද, මංගල උත්සව සහ වෙනත් වැදගත් උත්සව සඳහා ජනප්‍රිය ස්ථානයක් හැටියට හෝටලය ජනප්‍රිය වෙමින් පවතී.