Lankaputhra Development Bank

මෙය කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායක පොලී අනුපාතයකට මූල්‍ය පහසුකම් ලබා දීමට සකස් කළ ණය යෝජනා ක්‍රමයකි. නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, පවත්නා ව්‍යාපෘතිය පුළුල් කිරීම, නව තාක්ෂණය යොදා ගැනීම සහ කර්මාන්තශාලා ගොඩනැගිලි සහ රසායනාගාර ඉදිකිරීම, කර්මාන්ත සඳහා යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ මිලට ගැනීම වෙනුවෙන් මෙම ණය ලබාගත හැක.

අරමුණු

  • ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට උපකාර කොට, දිළිඳුබව අවම කොට ආදායම බෙදීයාමේ අසමානතා අඩු කොට රැකියා ජනනය වර්ධනය කිරීම.
  • නව ව්‍යාපෘති දිරිගැන්වීම සහ පවත්නා ව්‍යාපෘති අන්තර්ජාතික මට්ටමට පුළුල් කිරීම වෙනුවෙන් සංවර්ධන මූල්‍ය පහසුකම් ලබාදීම.

කවුරුන් උදෙසා ද?

කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා

ණය ලබාගැනීමට සුදුසු අංශ සහ උප අංශ

අංශය උප අංශය
කෘෂිකර්ම සහ කෘෂි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ධීවර කර්මාන්තය
පොල් වගාව ආශ්‍රිත නිෂ්පාදන
සහල් මෝල්
කිරි ගව පාලනය
වෙනත් කෘෂි ආශ්‍රිත නිෂ්පාදන
වෙනත්
නිෂ්පාදන / කර්මාන්ත ඇඟලුම්
ගෘහ භාණ්ඩ සහ දැව ආශ්‍රිත භාණ්ඩ
හම් / රබර් නිෂ්පාදන සහ පාවහන්
ප්ලාස්ටික්
වානේ සහ ලෝහ
රසායන ද්‍රව්‍ය සහ ඛණිජ ද්‍රව්‍ය
ඉංජිනේරු කාර්යයන් සහ තාක්ෂණය
මුද්‍රණය සහ ප්‍රකාශනය
ආහාර පාන
විදුලි සහ විද්‍යුත්
බලශක්ති ජනනය
වෙනත්
සේවා සෞඛ්‍ය සහ අධ්‍යාපන ‍සේවා
මූල්‍ය ව්‍යාපාර
සංචාරක සහ හෝටල්
වෙනත් සේවා
යටිතල පහසුකම් සංවර්ධනය ජල විදුලි
කුඩා ජලවිදුලි
මහාමාර්ග ඉදිකිරීම
ගොඩනැගිලි ඉදිකිරීම
වෙනත්

ණය ලබාගැනීමට සුදුසුකම්

ඉහත සඳහන් අංශ යටතේ මතු දැක්වෙන කටයුතු සඳහා ණය පහසුකම් ලබාගත හැක.

  • විශේෂිත ව්‍යාපෘති සඳහා උපකරණ, යන්ත්‍ර සූත්‍ර සහ බර වාහන මිලට ගැනීම.
  • තෝරාගත් ව්‍යාපෘති සඳහා කර්මාන්තශාලා, රසායනාගාර, හෝටල් සංකීර්ණ ආශ්‍රිත ඉදිකිරීම් සඳහා.
  • යන්ත්‍ර සහ උපකරණ ස්ථාපිත කිරීම.
  • දියුණු තාක්ෂණය ලබා ගැනීම.
  • විශේෂිත ව්‍යාපෘති සඳහා අවශ්‍ය වෘත්තිකයන්ගේ, විශේෂඥයන්ගේ සේවය ලබා ගැනීම.

පොදු කොන්දේසි

  • බස්නාහිර පළාතෙන් පිටත ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබාදෙනු ඇත.
  • ව්‍යාපෘතිය දේශීය නිෂ්පාදනය පාදක කරගත් ව්‍යාපෘති වියයුතුය. ‍එමඟින් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා ලබාදිය යුතු ය.
  • දළ දේශීය නිෂ්පාදිතය වැඩි දියුණු කිරීමට යෝජිත ව්‍යාපෘතිය දායක විය යුතු ය.
  • ගනුදෙනුකරු අවම වශයෙන් ව්‍යාපෘති වියදමෙන් 30% දැරිය යුතු ය.
  • ව්‍යාපෘතිය සඳහා ලැබෙන උපරිම ණය ප්‍රමාණය රුපියල් මිලියන 20කි.
  • ඉල්ලුම්කරු ණය ගෙවීම පැහැර හැරි කෙනෙකු නොවිය යුතු ය.

ආපසු ගෙවීම

උපරිම වශයෙන් අවුරුදු 5 සිට 7 දක්වා

ණය ප්‍රමාණය

රුපියල් මිලියන 20ක උපරිමයක්

ඇප

ව්‍යාපාරයේ පවත්නා අවදානම් තත්ත්වය සලකා බලා බැංකුව විසින් ඇපයෙහි ස්වභාවය තීරණය කරනු ඇත.

පොළි අනුපාත

පොළි අනුපාත දැනගැනීමට මෙහි ඇති ඇමුණුම බලන්න